සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 12 December 2017

Collection of 1.4 Billion Plain-Text Leaked Passwords Found Circulating Online

මුරපද කියන්නේ හැමෝටම ඉතාමත් වටිනා සුරක්ෂිත කරගත යුතු දෙයක්. මුරපදයක් අහිමි වුණාම හෝ අමතක වුණාම එය බොහෝ දෙනෙක් කරන්නේ අළුත් මුරපදයක් ලබාගැනීමයි. 
බොහොමයක් දෙනා අනතර්ජාල භාවිතයේදී එක් මුරපදයක් වෙබ් අඩවි හෝ සේවාවන් ගණනාවකට භාවිතා කරනවා. එහි ඇති අනතුර වන්නේ කෙසේ හෝ හැකර්වරුන් එක් මුරපදයක් සොයාගතහොත් එය භාවිතා කර අනෙක් සියළුම පද්ධති වලට පිවිසීමේ හැකියාවයි.
වැඩි පිරිසක් එසේ කරන්නේ මුරපද ගණනාවක් මතක තියාගැනීමේ අපහසුව හේතුවෙනුයි.
කෙසේ නමුත් dark web හි තිබී මුරපද බිලියන 1.4ක ක් පමණ අඩංගු ගොනුවක් සොයාගැනීමට 4iQ නම් පරිගණක ආරක්ෂක සමාගමට හැකි වී තිබෙනවා.
ගෙවුණ දෙසැම්බර් 5 වැනි දින මෙය dark web එකට එකතු කර අති අතර GB 41ක ධාරිතාවකින් යුතු මෙම මුරපද අඩංගු ගොනුව ඩොලර 100කට අලෙවි කිරීමට යොදා තිබුණා.
ඒ වන විටත් එම ගොනුව 406 දෙදෙනෙකු මිලට ගෙන තිබූ අතර මින් පෙර සිදු වූ හැක් කිරීම් 252ක මුරපද පරිශීලක නාම සහ ඊමෙල් ගිණුම් මෙහි ඇතුළත් බව පැවසෙනවා.
විශේෂයෙන් Bitcoin, Pastebin, LinkedIn, MySpace, Netflix, YouPorn, Last.FM, Zoosk, Badoo, RedBox, games වැනි ආයතන වල සිදු වූ සයිබර් ප්‍රහාරයන් වලින් ලබාගත් මුරපද සහ පරිශීලක නාම මෙහි ඇතුළත්.
එසේම මෙම ගොනු පරීක්ෂා කිරීමේදී "123456", "123456789", "qwerty," "password" සහ "111111." බහුල ලෙසින් පරිශීලකයන් මුරපද ලෙස භාවිතා කර ඇති බව පෙනී යනවා.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive