සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 20 November 2017

BankBot Trojan Sneaks Into Google Play Store Yet Again!

Google නිරතුරුවම Play Store හි පවතින මෘදුකාංග වල මැල්වෙයාර් පවතීදැයි අවධානයෙන් පසුවෙනවා. විශේෂයෙන් Play Store වෙත මෘදුකාංග එක් කිරීමේදී නිවැරදිව එක් කර පසුව යාවත්කාල වීමක් හරහා වෛරසයන් එම මෘදුකාංග වෙත එක් කිරීම වැනි දේ හේතුවෙන් එවැනි ක්‍රියාවන් ක්ෂණිකව ඉවත් කිරීමේ හැකියාවක් නැහැ.
විශේෂයෙන් ඇන්ඩ්‍රොයිඩ් පාදක ජංගම දුරකථන ක්‍රීඩා වලදී මැල්වෙයාර් වෛරසයන් මෙන්ම රෑන්සම්වෙයාර් වෛරසයන්ද පැතිරීමේ හැකියාව පවතිනවා.
ඊයේ මධ්‍යම රාත්‍රියේදී BankBot නමින් හැදින්වෙන ප්‍රසිද්ධ banking Trojan මැල්වෙයාර් වෛරසයේ නව සංස්කරණයක් සහිත නව ජංගම දුරකථන ක්‍රීඩා කීපයක් සොයාගැනුනා.
මෙම වෛරසයන් මින් පෙර මහාපරිමාණ සයිබර් ප්‍රහාරයන් එල්ල වූ Citibank, WellsFargo, Chase සහ DiBa වැනි ආයතන වලදී සොයාගැනුනේ මෙම වෛරසයයි.
එහි වැඩිදියුණු කළ අවස්ථාවක් ලෙසින් මෙම නව වෛරසය හැදින්විය හැකි අතර mobile transaction number (mTAN) සොරාගැනීම මේ හරහා සිදුවෙනවා. එනම් ඔබ විසින් ජංගම දුරකථන හරහා සිදු කරන ගනුදෙනු වලදී එම ගනුදෙනු වලට අදාළ ගිණුම් තොරතුරු පහසුවෙන් මෙම වෛරසය හරහා සොරාගැනීමයි.
ඒ අනුව Google's official Play store හි තිබී හදුනාගත් වෛරසයන් සහිත ක්‍රීඩා ගණනාවක් ඉවත් කර ඇති අතර Settings → Security පසුව  Turn OFF "Allow installation of apps from sources other than the Play Store." යන්න ඉවත් කිරීම හරහා මෙම වෛරසයිනෙගෙ ක්‍රියාකාරීත්වය පාලනය කළ හැකි බව පෙනී යයි.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive